You are here:: අපි ගැන සංවිධාන ව්‍යූහය

සංවිධානාත්මක ව්‍යූහය

ජාතික  සමාජ  සංවර්ධන  ආයතනයේ  පාලන  ව්‍යූහය  වන්නේ  පාලක  සභාවයි.පාලක සභාව විසින් ආයතන පරිපාලනය,   කළමනාකරණය  සහ සියලු  කාර්යයන් පාලනය කරනු ලබන අතර අධ්‍යයන කටයුතු  මණ්ඩලය පාලක සභාව යටතේ ඇත.ආයතනයේ කාර්යභාරය අනුව  කොටස් හතරකට බෙදා දැක්විය හැක.

01.       ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය

02.       පුහුණු අංශය

03.       සමාජ සංවර්ධන ප්‍රතිපත්ති, පර්යේෂණ හා ප්‍රකාශන අංශය

04.       පරිපාලන හා මුදල් අංශය

මෙහි මුල් අංශ 3  අධ්‍යයන කටයුතුවල  නිරත  වන අතර  ශ්‍රී ලංකා සමාජ සේවා  විද්‍යාලය  ප්‍රධාන  අධ්‍යයන පාඨමාලාව පවත්වාගෙන යයි. දෑ අවුරුදු සමාජ වැඩ ඩිප්ලෝමා පාඨමාලාව, සිව් අවුරුදු සමාජ වැඩ ශාස්ත්‍රවේදී  පාඨමාලාව හා දෑ අවුරුදු  සමාජ වැඩ  ශාස්ත්‍රපති  පාඨමාලාව එම ප්‍රධාන  පාඨමාලා වේ. මෙයට  අමතරව  පුහුණු  අංශය  මගින් උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හා තවත් විවිධ දුරස්ථ  හා  සේවාස්ථ  පුහුණු පාඨමාලා  පවත්වා ගෙන යනු ලැබේ.පර්යේෂණ හා ප්‍රකාශන අංශය සමාජ සංවර්ධනය හා සුභසාධනය හා සම්බන්ධ  පර්යේෂණ සිදුකරන අතර පරිපාලන අංශය මගින් ආයතනයේ පාලන හා මුදල් කටයුතු සිදුකරයි. ජාතික සමාජ සංවර්ධන ආයතනය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු යටතේ පාලනය වේ.

සංවිධාන ව්‍යුහය සදහා බලන්න.