You are here:: පාඨමාලා සමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධිය අයදුම් කරන අයුරු

ීසමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධිය

ඇතුලත්වීමේ සුදුසුකම්

 

1.         ශාස්ත්‍රවේදී පාඨමාලාවේ පලමු වසරට බඳවා ගැනීම පහත සුදුසුකම් මත සිදුකෙරේ.

අ.         විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් සම්පූර්ණ කිරිම

ආ.        ඉංග්‍රීසි භාෂාවෙන් වැඩකිරිමේ මනා නිපුණත්වය

 

2.         ආයතනයේ සමාජ වැඩ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා අවසන් කළ සිසුන්ට පහත සුදුසුකම් මත දෙවන වසරට ඇතුලත් විය හැක.

අ.         සමාජ වැඩ ඩිප්ලෝමාව සඳහා සම්මාන සහතිකයක්

ආ.        ඉංග්‍රීසියෙන් වැඩකිරිමේ මනා නිපුණත්වය

 

අයදුම්කරුවන් තෝරාගැනීමේ ලිඛිත පරික්ෂණයකට හා සම්මුඛ පරික්ෂණයකට පෙනිසිටිය යුතු අතර තෝරාගැනීම කුසලතා පදනම මත සිදුකෙරේ.

 

සටහන - අ.පො.ස. සා.පෙළ ඉංග්‍රීසී විෂයය සඳහා අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් ලබා තිබිය යුතුය.

 

ලියාපදිංචිය හා ලියාපදිංචි වීමේ දිනය

ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් සඳහන් කරන ලද දිනක අය‍දුම්කරුවන් සමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා ලියාපදිංචි කිරිම සිදුකෙරෙන අතර අදාල සියලුම සහතිකවල මුල් පිටපත් හා සහතික කල ඡායා පිටපතක්ඉදිරිපත් කල යුතුයි. ලියාපදිංචිය වලංගු වන දිනය වන්නේ පාඨමාලාව ආරම්භ කරන දිනය වන අතර ලියාපදිංචිය ආරම්භක දිනයේ සිට වසර 4 ක් වලංගු වේ.

 

අයදුම් කිරිම

ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම මගින් අයදුම්පත් කැදවනු ලබන අතර දී ඇති ආකෘතිය අනුව සකස් කරගත් අයදුම්පත්‍රයක් අයදුම්පත් කැදවීමේ අවසාන දිනට ප්‍රථම ජාතික සමාජ සංවර්ධන ආයතනය වෙත එවිය යුතුයි.

අයදුම්පත්‍රය ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න