උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාව
හැඳින්වීම
2001 වසරේදී ආරම්භකල උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සති අන්ත පාඨමාලාවක් ලෙස පවත්වනු ලැබේ. මෙය පුහුණු අංශය මගින් පවත්වන ආයතනය තුල පවත්වනු ලබන පාඨමාලාවකි. මෙයට අමතරව විවිධ ක්ෂේත්‍ර සේවයේ නියුතු නිලධාරින් සඳහා බාහිර දුරස්ථ පාඨමාලාවක් ලෙස ද මෙම පාඨමාලාව පැවැත්වේ.
මෙය මාස 18 ක පාඨමාලාවක් වන අතර සෙමෙස්තර 2 කින් හා සය මාසික ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනකින් සමන්විත වේ.
ක්ෂේත්‍ර පුහුණු කාලය තුල සිසුන් පංති කාමරයේ දී ලබාගත් න්‍යයාත්මක දැනුම හා කුසලතා ක්ෂේත්‍රයේ දී යොදාගන්නා ආකාරය පිළිබඳ අවබෝධය ලබති.
මෙම පාඨමාලාවේ මුලු පැය ගණන 432 වන අතර පැය 288 පංති කාමර දේශන සහ පැය 144 ක් ක්ෂේත්‍ර පුහුණුව සඳහා වෙන්කර ඇත.



